මගේ නම දමිත් මම මෑරිකරලා ඉන්නේ මලිතිව අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා ඒ විස්තර වැඩිය වැඩක් නෑ කතාවට.
මන් කොරියන් හිටියේ ලොකු කාලයක් සල්ලි ටිකක් හොදට එකතු කරන් ගෙවල් දොරවල් වාහන එහෙම අරන් තිබුනේ. ඉතිරි ජිවිත කාලෙට ඇතිවෙන්න සල්ලි හම්බ කරලා තිබුනේ. ලංකාවට ඇවිත් නිකන් ඉන්න කම්මැලි කමට මොකක් හරී වැඩක් පටන් ගන්න හිතුනා.
මන් ලොකු බෑන්ක් ලෝන් එකක් දාල මොරටුව පැත්තෙන් ටිකක් ඇතුලට වෙන්න ගෙවල් දෙකක් ගත්තා. සල්ලි අතේ තිබුනට ඒවා වියදන් නොකර ලෝන් එකෙන් ගේමක් ගහන්න හිතා ගත්තේ.
මන් ඒ ගෙවල් දෙක කුලියට දුන්නා. ලොකු ගණන් වලට. බෑන්ක් ලෝන් එකේ වාරික දාලා ගානක් ඉතුරු උනා. ඒ සල්ලිත් එකතු කරලා තව ගෙයක් ගත්තා ඒ කිට්ටුවම. ඔහොම මගේ ගෙවල් කුලියට දෙන වැඩේ ජයටම නැගල ගියා. අවරුදු පහක් විතර යනකොට මට ගෙවල් විස්සක් විතර තිබුනා. ඒවා ඔක්කොම හොද ගණන් වලට කුලියට දීල තිබුනේ.
ඒ වැඩෙත් මට ටිකක් කම්මැලි හිතුනා. නවත්තන්න හිතෙන්නේ. එත් අපරාදෙනේ ලොකු ගානක් එනවා මාසෙකට.දැන් ලෝනේ එක එහෙම ගෙවලා ඉවරයි. කාට හරී වැඩේ කරගෙන යන්න බාරදෙන්න මන් හිතාගත්තා. මන් පොඩි ඔෆිස්. එකක් ඕපන් කලා මොරටුව රවන් එකේ ඩ්‍රීම් හෝම් කියලා. ඊටපස්සේ එතනට මැනේජර් කෙනෙක් ගන්න ඉන්ටර්වීව් එකක් තිබ්බා.
ගොඩක් කට්ටිය ආවත් මට හරී ගියේ නෑ.
ඉන්ටර්වීව් වල. අන්තිම දවසේ අවා පොඩි ගැනු ළමයෙක්.එයාගේ නම අප්සරා.උසස් පෙළ කරලා පාස්වෙලා කැම්පස් යන්න බැරුව ඉදපු ළමයෙක් මැත්ස් කරලා තියෙන්නේ.
පෙනුම ටිකක් සුදුයි කෙට්ටුත් නෑ මහතත් නෑ ගානට ඇග. වැදගත් පෙනුමක් තිබ්බේ කතාකරද්දී උනත් වයසට වැඩ බුද්දිමත් පාටක් තිබ්බේ
මන් ගොඩක් වෙලා ඉන්ටර්වීව් එක කලා. කැම්පස් යන්න බැරි උනාට හොද අදහස් තියන දක්ෂ ළමයෙක්. මන් එයාට ජොබ් එක දෙන්න පොරොන්දු උනා. සතියකට පස්සේ එළමයා වැඩට අවා.
මන් එයාට කරන්න තියන වැඩටික කියලා දුන්නා. මාසේ කුලිය එකතු කරන ඒවා හිස් ගෙවල් වලට කට්ටිය හොයන ඒවා. ගෙවල්වල අඩුපාඩු බලලා කට්ටිය දම්මල ඒවා හදවන ඒවා වගේ වැඩ තමා තිබ්බේ.
රුපියල් තිස්පන්දාහකට තමා ජොබ් එක දුන්නේ. එයත් කැමති උනා වැඩ කරන්න.
එයාගේ නම ශානිකා.
ශානිකා ඔය වැඩටික තමා ප්‍රදාන වශයෙන් තියෙන්නේ දැනට මන් තිසපන්දාහක් ගෙවනවා ඔයාගේ වැඩ හොදයිනම් මන් ලොකු පඩියක් ගෙවන්නම්.
දැනට ගමන් බිමන් යන්න ගෙවල් පරීක්ශාකරන්න යන්න ස්කුටර් එකක් අරන් දුන්නා.ඔෆිස් එකට සෙකුරිටි කෙනෙකුත් දැම්මා. ඒ ළමයාගෙයි ඔෆිස් එකෙයි ආරක්ෂාවට.
ඔජෝම සතියක් විතර ඒ ළමයා වැඩකරගෙන හිටිය. මන් ඉදලා හිටලා තමා ගිහින් බලන්නේ. එලමගේ වැඩනම් හොදයි. මහන්සි වෙලා වැඩකරනවා.
දවසක් මන් ඔෆිස් එකට යනකොට ඒ ළමයා දාඩිය පෙරාගෙන ඩොකියුමන්ට් වලක වැඩක් මට දැක්කම පව් කියලත් හිතුනා. ඒපාර මන් ඔෆිස් එකට ඒසී එකක් හයි කලා........ ඔහම මාස දෙකක් විතර වැඩකරගෙන යනකොට මටත් දැන් හිතට අල්ලා ගියා ළමයාගේ වැඩ. ඔක්කොම කිසි අඩුවක් නැතුව පිළිවෙලට කරගෙන ගියා.
ශානිකා ඔයාගේ වැඩනම් හොදයි දිගටම මේවිදියට කරගෙන යන්න මේ මාසේ ඉදන් මන් ඔයාගේ පඩිය දෙගුණයක් කරනවා.
අනේ සර් ගොඩක් ස්තුති. මනං උපරිමෙන් වැඩකරන්නම්.
ඔහොම කාලයක් යනකොට මන් ඔක්කොම වැඩ එයාට බාර දුන්නා.දැන් සල්ලි ගන්නේ බෑන්ක් එකට දන්නේ ඔක්කොම කරන්නේ එළමයා මන් මොකිත් බලන්නේ නෑ.
දවසක් එලමය මට කෝල් කරලා කියනවා.
සර් පිළියන්දල පැත්තේ ගෙවල් වගයක් තියනව බලමුද ගන්න.
ශානිකා ඔයා හොදවිදියක් බලන්න මන්නම් වැඩිය දැන් බිස්නස් වැඩවලට එන්නේ නෑ. ඔයා බලලා කියන්නන මන් සල්ලි දෙන්නම්.
ශානිකා බලලා ගෙවල් තුනක් වගේ සෙට්කරන් තිබ්බා අඩුවට. මන් බැලුවේවත් නෑ. ඔයවිදියට ඒ ළමයා තනියෙම ගේම ගහන්න ගියා උදව්වක් ඉල්ලුවොත් විතරක් මන් ගියා.
ඔහොම කාලයක් යනකොට හිතාගන්න බැරි විදියට මගේ බිස්නස් එක රලමයගේ දක්ෂතාවයට දියුණු උනා.එයා ගොඩක් මහන්සි වෙනවා.
දවසක් මන් ඔෆිස් එකට ගිය දවසක මන ඇහුවා
ඔයාට ඔය වැඩ ටික කරගන්න තනියම අමාරුයි නේද කාවහරි ගන්න ඔයාගේ උදව්වට. දෙන්නෙක් උනත් කමක්නැහැ.
එකත් හොදයි සර් මන් බලන්නම්
ඊටපස්සේ එයා තව ගැනු ළමයි දෙන්නෙක්ව ඉන්ටර්වීව් කරලා තෝරාගෙන මන් ලගට එව්වා. මාත් එයාල එක්ක කතා කරලා ජොබ් එකට ගත්තා.
දැන් වැඩේ හොදටම යනවා.
සර් දැන්නම් බයික් එකේ ගිහින් වැඩටික කරගන්න අමාරුයි වාහනයක් තිබ්බොත් හොදයි කියලා දවසක් ඒ ළමයා මට කොල්කරලා කිව්වා.
ඊට පහුවදා මම අලුත්ම වැගන් ආර් එකක් ගත්තා අප්සරාගේ නමටම. එයා මහන්සිවෙන විදියට මේ වහනෙත් දීලා මදි කියලමයි මට හිතුනේ. මන් පහුවදා වහනෙත් අරන් ඔෆිස් එකට ගිහින් අප්සරාගේ අතට යතුරයි අනිත් ඩොකියුමන්ට් ටිකයි දීලා මන් කිව්වා මේක මගෙන් ඔයාට තෑග්ගක් ඔයා මේ කරන කැපකිරීමට.
අනේ සර් මෙච්චර දෙයක් ඕනේ නෑ වාහනේ කොම්පැනි එකේ නමට ගම්මු.
කොම්පැනියට ලබන මාසේ වාහන දෙකක් ගන්නවා. දැනට මේකෙන් ඒ වැඩටික කරගන්න. ඉර පස්සේ ඔයාගේ පුද්ගලික පාවිච්චියට වාහනේ තියාගන්න. කියලා මන් වාහනේ දුන්නා.
0 Comments
No comments yet. Be the first to comment!